දිලිත්ගෙන් සෙසු අපේක්ෂකයින්ට අභියෝගයක්

දිලිත්ගෙන් සෙසු අපේක්ෂකයින්ට අභියෝගයක්

September 17, 2024   08:50 pm

සෑම පුරවැසියෙකුටම ඩිජිටල් අනන්‍ය අංකය ලබාදෙන බව හැකිනම් දින වකවානු සහිතව පවසන ලෙස සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින්ට අභියෝගක් කරමින් පවසයි.

දිලිත් ගමට ජනරැලි මාලාවේ තවත් අදියරක් යටියන්තොට නගරයේදී අද (17) පෙරවරුවේ පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.

"අපි ඉදිරිපත් කළා උපාය මාර්ගික වැඩපිළිවෙලක්. ඒ තුළින් එකින් එක කිව්වා...ඔබේ ජීවිතය වෙනස් වෙන විදිය. ඒ වෙනස් වන විදිය සඳහා මුදල් ලැබෙන ආකාරය. මේකට විරුද්ධව අද කවුරුත් වචනයක්වත් කියන්නේ නෑ."

"අපි මේ පොතේ යෝජනා කරලා තියෙනවා... නූතන ඩිජිටල්කරණය භාවිතා කරලා සමාන වෙන ක්‍රමය. උපන්දාම ඔබට ලැබෙන මේ ඩිජිටල් අංකෙන් ඔබත් මමත් එක දිනයකදී සමාන පුරවැසියන් වෙනවා මේ රටේ."

"මම ඔවුන්ගෙන් අහන්නේ එක ප්‍රශ්නයයි. මේ ඩිජිටල් අංකය නිකුත් කරන්න පුළුවන් නම් පොරොන්දු වෙන්න. එදාට කියන්න වෙනවා ආදායම නම් ආදායම... වියදමනම් වියදම් කරන විදිය."

මේ අතර සර්වජන බලය කාන්තා සංවිධානය වන 'ලියබල' කාන්තා හමුව සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මහනුවරදී පැවැත්වුණි.