කරන්න බැරි වැඩ පොරොන්දු වෙන්නේ නැහැ - නාමල්

කරන්න බැරි වැඩ පොරොන්දු වෙන්නේ නැහැ - නාමල්

September 17, 2024   10:24 pm

ඉටු කිරීමට බැරි පොරොන්දු තමා ජනතාව හමුවේ ඉදිරිපත් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ රත්නපුරයේ අද (17) දහවල් පැවැති ජන රැලියක් අමතමිනි.

"සමහර අය විවිධ දේවල් අඩු කරනවා කියනවා. දේශපාලන පොරොන්දු ගැන ජනතාව දන්නවා.  ජනතාව මෙවැනි සුරංගනා කතා අහලා තියෙනවා. මේ දේශපාලන වේදිකාවේ විකටයා හොයන මැතිවරණයක් නෙවෙයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කරන්න බැරි වැඩ නැහැ."

මේ අතර කුමණ පාලනයක් යටතේ වුවද රට ඉදිරියට ගෙනයා හැකි විප්ලවීය වෙනසක් සහිත වැඩපිළිවෙළක් තමා සකස් කර ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ කොලොන්නාව ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් පිරිසක් සංවිධානය කර තිබූ ජන හමුවක් එක් වෙමිනි.