ආරම්භයේදීම වෙනස්කම් රැසක් පෙන්වන්න ඕනේ - අනුර

ආරම්භයේදීම වෙනස්කම් රැසක් පෙන්වන්න ඕනේ - අනුර

September 18, 2024   10:18 pm

තම පාලනයක් තුළ ජාතිවාදයට, ආගම්වාදයට හා ගෝත්‍රවාදයට ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කළුතර පැවැති ජනරැලියකට අද (18) පස්වරුවේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

"ආරම්භයේදීම අපි වෙනස්කම් රැසක් පෙන්වන්න ඕනේ. නව දේශපාලනයක් ලංකාවේ නිර්මාණය කරනවා. රට තුළ ජාතිවාදයට... ආගම්වාදයට අපි කිසිම ඉඩක් දෙන්නේ නැහැ. ආගම්වාදී ගැටුම් මීට පස්සේ ලංකාවේ තියෙන්න බැහැ."