ඊශ්‍රායලයට එරෙහිව එජා මහ මණ්ඩලයේ දී සම්මත වූ යෝජනාව

ඊශ්‍රායලයට එරෙහිව එජා මහ මණ්ඩලයේ දී සම්මත වූ යෝජනාව

September 19, 2024   01:32 pm

ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ප්‍රදේශ නීතිවිරෝධිව ආක්‍රමණය කිරීම මාස 12ක් ඇතුළත් අවසන් කළයුතු බවට වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ දී සම්මත වී තිබේ.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාවක් පලස්තීනය විසින් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයට ඊයේ (18) දින ඉදිරිපත් කරනු ලැබීය.

එහිදි රටවල් 124ක එකඟතාවයෙන් යුතුව එම යෝජනාව සම්මත වී ඇත.

එම යෝජනාවට විරුද්ධව රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර රටවල් 43ක් ඡන්දය දීමෙන් වැළකී සිට තිබේ.

අදාළ යෝජනාව මගින් දක්වා ඇත්තේ නැගෙනහිර ජෙරුසෙලම ඇතුළු ඊශ්‍රායලය ආක්‍රමණය කර ඇති පලස්තීන භූමි ප්‍රදේශවලින් එම හමුදා ඉවත් විය යුතු බවය.

එමෙන්ම සිදු වූ හානිය සඳහා පලස්තීනුවන්ට වන්දි ගෙවන ලෙසට ද ඊශ්‍රායලයෙන් ඉල්ලීම් කර තිබේ.