නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක් 

නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක් 

September 19, 2024   06:05 pm

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබා සිටියේය.

සංචාරක නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටොම් ලේතම් (ලකුණු 70) සහ කේන් විලියම්සන් (ලකුණු 55) අර්ධ ශතක වාර්තා කළහ.

ඩැරිල් මිචල් නොදැවී ලකුණු 41යි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 305යි.

කමිඳු මෙන්ඩිස් ලකුණු 114යි.

විලියම් ඕ'රූක් ලකුණු 55ට කඩුලු 5යි.