මැතිවරණ රාජකාරිවල නිරත රාජ්‍ය නිලධාරීන්ට දැනුම්දීමක්

මැතිවරණ රාජකාරිවල නිරත රාජ්‍ය නිලධාරීන්ට දැනුම්දීමක්

September 19, 2024   09:44 pm

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ රාජකාරි සඳහා පත්කර ඇති සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ.

මෙරට 09වන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙයි. 

ඒ අනුව අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, 

විශේෂයෙන්ම ඡන්ද විමසීම පැවැත්වෙන කාලය තුළ ඔබ විසින් ඡන්දදායකයන් හා ඡන්ද අපේක්ෂකයන් හා ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් සමග සුහද සම්බන්ධතාවෙන් ක්‍රියා කළ යුතුය.

ඔවුන් සමග කටයුතු කිරීමේදී අර්ථාන්විතව, කාරුණිකව, ඉවසීමෙන් ක්‍රියා කිරීම මැනවි.

කිසිවෙකුටත් විශේෂ සැලකිල්ලක් නොදක්වන්න. 

ඔබගේ රාජකාරී අපක්ෂපාතීත්වය තීරණාත්මක විමසුමකි.

එමගින් නිදහස් හා සාධාරණ වාතාවරණයක් තුළ තම හෘද සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් පවතින බව ජනතාවට ප්‍රදර්ශනය වනු පමණක් නොව ඒත්තු යෑම ද සිදුවනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.