ඡන්දය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

ඡන්දය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

September 19, 2024   10:15 pm

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතාකිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා සියලු කටයුතු යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති ලලිත් ද අල්විස් මහතා පවසා සිටියේ, ඡන්දය භාවිතාකිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් හෙට (20) දිනයේ අමතර දුර ගමන් සේවා බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් පෞද්ගලික බස් රථ සේවකයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යාම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවීමක් සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.