හර්ෂිතා ට ලැබුණු ICC සම්මානය
September 16, 2024 02:21 pm
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක් වන හර්ෂිතා මාධවී අගෝස්තු මාසය සඳහා ICC කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.
වමතින් පන්දුවට පහරදෙන හර්ෂිතා පසුගිය අයර්ලන්ත සංචාරයේදී දැක්වූ දක්ෂතා මෙම ජයග්‍රහණයට හේතුවී තිබේ.
ICCයේ මාසයේ ක්‍රීඩිකාව ලෙස අවසාන වශයෙන් තෝරාගත් අවස්ථා 4න් අවස්ථා 3කදීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම සම්මානය දිනාගැනීම විශේෂත්වය කි.
මැයි සහ ජූලි මාස වලදී එම සම්මානය දිනා ගනු ලැබුවේ චමරි අතපත්තු විසිනි.