උණුසුම් පුවත්
අවසන් රන්දෝලිය නරඹන්න ගිය ජනපති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට එක්ව තිබේ.
පෑලියගොඩ ඝාතනයක්
පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
රටම බලාසිටි ගැසට්ටුව එළියට - උපරිමය රු 109යි
ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මහනුවර ඇසළ පෙරහැරේ දියකෑපීමේ මංගල්‍ය ඇරඹෙයි
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (19) රාත්‍රි වීදී සංචාරය කෙරුණි.
ඉම්රාන් ඛාන්ගේ මීළඟ සැලසුම එළියට
පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය සිරගතව සිටින ඉම්රාන් ඛාන් ලොව වඩාත් කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ලෙසින් සැලකෙන බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටෙස්ට් පිටියට කලකට පසු එන පොට්ස්
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මේ මස 21වැනිදා ආරම්භ වන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩාකරන එංගලන්ත සංචිතය ඊයේ (19) පස්වරුවේ නිවේදනය කළේය.
ගෑස් සිලින්ඩරය ඡන්ද ලකුණ කරගත් හේතුව ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
නිසි ආර්ථික පරිවර්තනකින් තොරව රජයේ වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පුද්ගලයෙක් ඇතුගලින් ඇදවැටෙයි
කුරුණෑගල, ඇතුගලෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු තද වැසි
බස්නාහිර, සබරගමුව සහ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (20) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉතාලි මුහුදේ සුඛෝපභෝගී යාත්‍රාවක් පෙරළෙයි
ඉතාලියේ, සිසිලි දූපත් ආශ්‍රිත මුහුදේ සුඛෝපභෝගී යාත්‍රාවත් පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් අද (19) රාත්‍රියේදී ගැසට් නිවේදනයක් නිකුත්කරන බව මැතිවරණ කොමිසම පවසයි.
තාත්තා නවත්වපු තැනින් ඉදිරියට අරන් යනවා -නාමල්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට සිදුකරගෙන යාම තම වගකීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
තවත් පැනිල්ලක් ගැන මනූෂගෙන් හෙළිදරව්වක්
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති අතර තවත් 5 දෙනකු ඉදිරි දින කිහිපයේ ජනපති සමඟ එක්වන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
සජිත්ගේ ONE STOP SHOP සංකල්පය
සිය පාලනයක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලය ආයෝජකයින්ට කඩිනම් අනුමැතිය ලබාදීම සඳහා වන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මැතිවරණයෙන් 50% ගන්නා බවට අනුර විශ්වාසයෙන්
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට නිසැක වශයෙන්ම 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි අතර එය ඇතැම්විට සියයට හැට හැත්තෑව දක්වා වුවත් ඉහළ යා හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
තරුණයෙකුට මරු කැඳවූ බිහිසුණු අනතුර -CCTV
අද (19) දහවල් කඳාන පොලිස් වසමේ වැලිගම්පිටිය හංදියේ දී යතුරුපැදියකින් පැමිණි තරුණයින් තිදෙනෙකු ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
දිනක් තුළ මැතිවරණ පැමිණිලි 65ක්
ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ගුවන්තොටේ සැප බස් සේවාව දින 4න් නවතී
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවතා දමා ඇත.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ තීරණය
එළැඹෙන ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහාය දක්වන්නේ ද යන්න ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුව තීරණය කරන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK)පවසයි.
පොහොට්ටුවෙන් ඉවත්වුණු මැතිඇමැතිවරුගෙන් නව බලවේගයක්
එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හා දේශපාලන පක්ෂ එක්ව ඉදිරියේදී නව දේශපාලන බලවේගයක් බිහි කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහාය දිලිත්ට
එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාට සහාය ලබාදෙමින් සර්වජන බලය හා එක්වීමට ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය තීරණය කර තිබේ.
අමෙරිකානු නෞකාවක් හදිසියේ කොළඹ වරායට
අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.
ඡන්ද දායකයෙකුට වැය කළ හැකි උපරිම මුදල කීය ද?
ජනාධිපතිවරණයේදී ජන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි මුදල සඳහන් ගැසට් පත්‍රය අද (19) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියෝ අපවත් වෙති
රංගිරි - දඹුළු රජමහා විහාරයේ, භාරකාර පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියන් අපවත් වී තිබේ.
මහ මුහුදේ ගැටුණු චීන - පිලිපීන නෞකා
දකුණු මුහුදු චීන සාගර කලාපය මුල්කරගෙන චීනය කලක පටන් කලාපීය රටවල් සමඟ මතගැටුමකට එළැඹ සිටී.