උණුසුම් පුවත්
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මහින්ද නතර කරපු තැනින් පටන් ගන්න නාමල්
තම පාලනයක් යටතේ අසීමිත බදු ප්‍රතිපත්තිය වෙනුවට සාමාන්‍ය ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඇඟේ ගා ගන්නේ නැතුව සුද්ද කරන්නම් - අනුර
සියලුදෙනා නීතිය ඉදිරියේ සමාන කොට සලකන රජයක් සහ නීති පද්ධතියක් ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා - ජනපති
ජනතාව විපක්ෂයේ ප්‍රකාශ විශ්වාස කළහොත් ශ්‍රී ලංකාවට ද ග්‍රීසියට අත්වූ ආකාරයේ ඉරණමක් අත්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
සජිත්ගෙන් ගොවියන්ට පොරොන්දුවක්
ගොවි ණය සම්පූර්ණයෙන් කපාහැර, ගොවීන්ගේ වී සඳහා ඉහළ සහතික මිලක් තම රජයක් යටතේ ලබාදෙන බව ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ණයවීම මිස ණය ගෙවීම ගැන සැලැස්මක් සෙසු අපේක්ෂකයන්ට නැති බව දිලිත් කියයි
ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති සෙසු අපේක්ෂකයින්ට ණය ගෙවීමට අවැසි ආදායම උත්පාදනයට කිසිදු උපායමාර්ගික සැලැස්මක් නොමැති බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙක් මරුට
කළුතර අවිත්තාව, ඉහළකන්ද ප්‍රදේශයේ ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නාමින් සිටි පිරිසකගෙන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.
දුම්රියෙන් කසළ රැගෙන යෑම අරඹයි
ඇසුරුම් කළ කසල දුම්රියෙන් රැගෙන යෑම අද (25) පළමු වරට ආරම්භ කෙරුණි.
සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත්ගේ අනුරාධපුර ජන රැලිය සජීවීව මෙතැනින්
සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ අනුරාධපුර ජන රැලිය මේ වනවිට ආරම්භ කර තිබේ.
මවක් සහ දරුවන් දෙදෙනෙක් දැදුරු ඔයේ ගිලෙයි
දැදුරු ඔයේ දියනෑමට ගිය එකම පවුලේ මවක් සහ දරුවන් දෙදෙනෙකු සැඩ පහරට ගසාගෙන ගොස් තිබේ.
ගෙන්වීමට සැරසෙන ඖෂධ 47ක් ගැන චෝදනාවක්
ඖෂධ 47ක් ඉන්දියානු ඒකාධිකාරය යටතේ මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
රනිල් සහභාගී වන එජාප සමුළුව
එක්සත් ජාතික පක්යේ විශේෂ සමුළුව අද (25) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙයි.
සියලු බදු තොරතුරු හෙට හෙළි කෙරේ
බදු පිළිබඳ සියලු තොරතුරු හෙට (26) දිනයේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඡන්ද කාඩ්පත් බෙදාහැරීම ගැන දැනුම්දීමක්
2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින් සඳහා යැවෙන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටුව භාර ගැනීමේ කටයුතු හෙට (26) දිනයේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.
විශේෂ බලකායේ සිටි අයෙක් මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි
යුද හමුදා විශේෂ බළකායෙන් පළාගිය සෙබළෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දරු ප්‍රසූතියෙන් පසු බිරිඳ මියගිය දුකට සැමියාත් සියදිවි හානි කරගනී
මන්නාරම මූලික රෝහලේදී දරු ප්‍රසුතියකින් පසු ඇතිවු ආසාත්මිකතාවයකින් මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා සියදිවි හානි කරගෙන තිබේ.
ජර්මනියේදී සිදුකළ ප්‍රහාරය ISIS භාරගනී
ජර්මනියේ සෝලින්ගන් නගරයේ සැමරුමක් අතරතුර සිදුවූ පිහිඇනුමේ වගකීම ISIS සංවිධානය භාරගෙන තිබේ.
මිනිසා වඳවී යෑමේ අවදානමක් විද්‍යාඥයින් හෙළිකරයි
මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරන Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජනවී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වී තිබේ.
විදුලිසැර වැදී දරුවෙක් මරුට
විදුලිසැර වැදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
ජනාධිපති සහ රදගුරු හැරල්ඩ් ඇන්තනි හිමි අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමි ඇතුළු රදගුරු සංගමයේ පියතුමන් පිරිසක් හමුව තිබේ.
තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
කාන්තාවක් ඝාතනය වෙයි
හොරණ, සිරිල්ටන්වත්ත ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
මරදානේදී දුම්රියක් පීලි පනියි
මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.
ජීවිත බිලිගත් මාරක අනතුරු
ගෙවී ගිය පැය 24ක කාලය තුළදී ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.